මුහුදු ඛාදනයෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළට දැඩි හානි

මුහුද රළු වීම හේතුවෙන් හලාවත මුතුපන්තිය දූපතේ වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වීමට පටන්ගෙන ඇත.පසුගිය 05 දා සිට මෙම විනාශකාරී තත්ත්වය ඇති වූ බව එම දූපතේ ධීවරයෝ පවසති. වෙරළ ඛාදනය අවම කිරීම සඳහා යොදා තිබූ දැවැන්ත බාධකයන් ද බිඳගෙන වේගවත් රළ පහර ගොඩබිමට ගැසීමට …

ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ පාර්ලිමේන්තු අසුනින් නෙරපයි

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කොට ඇත.සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි …

වසරකට අලුතින් වකුගඩු රෝගීන් 3000ක්

මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.සමස්ත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 25,000ක් ව ඇති මුත් එය සුවිශේෂ වැඩි වීමක් නොවන බව ද ඇමැතිවරයා පැවසුවේය.වකුගඩු රෝගියකුට රජයෙන් රුපියල් 7500ක දීමනාවක් දැනට …

teacher

ඉංග්‍රීසි භාෂා ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරික්ෂණ 10වනදා සිට

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021.12.12 දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා …

උමා ඔයේ වාසිය ජූලි මාසයේ දී

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඒ අනුව එම වාසිය එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වන විදුලි …

අද සිට වැස්සේ වැඩි වීමක්!

මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට බලපවත්වන වැසි තත්වය අද (08) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.ඒ අනුව අද සිට ප.ව. 2.00 න් පමණ පසු දිවයිනේ බොහෝ පළාත්වල තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති …

arumasi-puwath

චීනය සඳ මත තවත් වික්‍රමයකට සැරසෙයි

මේ වනවිට අභ්‍යවකාශ ගවේෂණ ක්‍ෂේත්‍රයේ වේගවත් සහ සාර්ථක ගමනක් යමින් සිටින චීනය තවත් ඓතිහාසික වික්‍රමයක් කිරීමට සූදානම් වෙයි. එනම් සඳෙහි කිසි දිනෙක පෘථිවියට නොපෙනෙන එහි ‘අඳුරු අර්ධය’ නමින් හැඳින්වෙන කලාපයෙන් ගල් සහ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම යි. මේ සඳහා වන යානයක් පසුගිය 3 වැනි දින චීනය අභ්‍යවකාශගත කළේය. මෙම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ ‘චැංග්ඊ 6’ යන නමිනි. චැංග්ඊ යනු චීන පුරාණ කතාවල එන සඳට අධිපති දෙවඟනකගේ නමකි. සඳෙහි ‘අඳුරු අර්ධය’ යනුවෙන් හැඳින්වෙන කොටස කිසි දිනෙක පෘථිවියට පෙනෙන්නේ නැත. ලංකාව වැනි රටවල සිටින අයට නිතරම පෙනෙන්නේ හාවකුගේ …

කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ. නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ …

සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි. ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව …

Loading...

urumayaka asiriya

අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්

අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …

පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ

බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …

Loading...

ethera-methra

නාමල් ගේ ජනපති සිහිනය සැබෑ වන්නේ කවදාද?

ඉදිරි ජනාධිපතිවරණ සටනේ දී ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිවාදියකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම නම් වන සාධකය පදනම්ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩනඟා ගත හැකි බව පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක …

vinivida

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව “මුට්ටිය දැමීමක් ද”? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය. අවාසනාවකට මේ වැදගත් ප්‍රකාශය දේශපාලන හෝ මාධ්‍යයේ වැඩි අවධානයට ලක් වූයේ නැත. ඒ මැයි දින උණුසුමෙන් වැසුණු නිසා විය යුතු ය.ලාල් කාන්තගේ මේ ප්‍රකාශය මුල් කොට යම් ආකාරයක සමාජ සංවාදයක් මතුකිරීම අත්‍යාවශ්‍ය …

අපේ මීළඟ ජනපති එළාර මාදිලියේ කෙනෙක් වුණොත් කොහොමද?

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කොට බලයට පත් වන්නා කවරකු වුවද ඔහු මෙරට නව වන විධායක ජනාධිපති ධූරයට පත් වනු ඇත. එමෙන්ම 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මෙම විධායක ජනාධිපතිධූරය තරම් සංවාදයට ලක් වූ වෙනත් කරුණක් හැත්තෑ හය වසරක් නිදහස් ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ නොමැති තරම් ය. අපේ රටට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනි. ඇමෙරිකාවේ සහ ප්‍රංශයේ ජනපතිවරුන්ට …

vinivida

මේ දිනවල පවතින අධික උණුසුම නොතකා හිඳීමෙන් ජීවිතාවදානමක්!

අද දිනයේ පැවතිය හැකි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව උතුර, උතුරුමැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උෂ්ණත්වය සිරුරට ඉතා තදින් දැනෙන ‘වැඩි අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බවත් එම …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

කුඩා දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරක් – උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන

කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට සිරවීමේ වැඩි අවදානමක් පවතින්නේ රඹුටන් ගෙඩිය කටේ දමාගෙන සූප්පු කිරීමට දරුවන් වඩාත් කැමැත්තක් දක්වන නිසාය. මෙවැනි පලතුරු වර්ගවල ඇට පමණක් නොව පබළු, බොත්තම්, ප්ලාස්ටික් කැබලි, කුඩා නලා, බැටරි කෑලි වැනි කටේ දැමිය හැකි ඕනෑම දෙයක් කුඩා දරුවන් කටට දමා ගැනීම …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

දකුණු ඉන්දියාවේ සදාහරිත සිහින පාරාදීසය

ඔබ හින්දි සිනමා ලෝලියෙක් නම් ‘කුච් කුච් හෝ තා හෙයි’, රෝජා’ වැනි චිත්‍රපට නරඹා ඇතිවාට සැක නැත. එමෙන්ම පැරණි, අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ ‘ආරාධනා’ …

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

Loading...

rasagagula

“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …

/ රසගඟුල
vinivida

ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් …

/ රසගඟුල

Loading...

කේන්දරේ මාරක තියන හැමෝම අකාලයේ මැරෙනවාද? හේම ශ්‍රී අමරසිංහ

පසුගිය දිනෙක එක් විශ්‍රාමික ගුරුතුමියක මා සොයා පැමිණියේ තම මිනිපිරියකගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනීම පිණිස ය. එහි දී මඳ වේලාවක් මා හා සුහදව කතාබහක යෙදී සිටි එතුමිය පැවසූ එක් දෙයකින් මා තුළ තරමක කුතුහලයක් පිබිදුණු අතර මම ඊට වඩාත් ඕනෑකමකින් සවන් දුනිමි. “මගේ මහත්තයාට ප්‍රෙෂර් එක, දියවැඩියාව වගේ අසනීප …

/ පහන් ටැඹ

පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති. දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් …

වාස්තු දෝෂ මත නිවෙස් කඩා බිඳ දැමිය යුතු ද? හේම ශ්‍රී අමරසිංහ

වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් …

Loading...

error: Content is protected !!